ඊශ්‍රායල – පලස්තීන ගැටලුව විසඳන යෝජනාවකට බහුතර කැමැත්ත – ශ්‍රී ලංකාවත් කැමැත්ත දෙයි

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ද්විරාජ්‍ය විසඳුමක් සඳහා ‘ප්‍රත්‍යක්ෂ, කාලානුරූපී සහ ආපසු හැරවිය නොහැකි පියවර’ ඉල්ලා සිටින ප්‍රකාශයක් අනුමත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී අති බහුතරයක් ඊයේ ඡන්දය ප්‍රකාශ කළා.

පිටු හතකින් යුත් මෙම ප්‍රකාශය ජූලි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති අන්තර්ජාතික සමුළුවකින් ආරම්භ වූ අතර, ඊට සෞදි අරාබිය සහ ප්‍රංශය සමසත්කාරකත්වය දරා තිබෙනවා.

දශක ගණනාවක් පුරා පැවති ගැටුම විසඳීමට දරණ උත්සාහයන් නැවත ඇති කිරීමට මෙමගින් උත්සාහ කෙරන අතර, මෙම රැස්වීම වර්ජනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය කටයුතු කර තිබුණා.

මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 142ක් හිමි වූ අතර, විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 10ක්.

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 12ක්.

ශ්‍රී ලංකාව ද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සාකච්ඡා ඉදිරියට ගෙන යෑමේ සංයුක්ත පියවර සඳහා වන ඉල්ලීම් සමඟ, මැද පෙරදිග සාමය සඳහා පදනම ලෙස ද්විරාජ්‍ය විසඳුමක් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව මෙම ප්‍රකාශයෙන් අවධාරණය කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?