ඊශ්‍රායල – පලස්තීන ගැටලුව විසඳන යෝජනාවකට බහුතර කැමැත්ත – ශ්‍රී ලංකාවත් කැමැත්ත දෙයි

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ද්විරාජ්‍ය විසඳුමක් සඳහා ‘ප්‍රත්‍යක්ෂ, කාලානුරූපී සහ ආපසු හැරවිය නොහැකි පියවර’ ඉල්ලා සිටින ප්‍රකාශයක් අනුමත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී අති බහුතරයක් ඊයේ ඡන්දය ප්‍රකාශ කළා.

පිටු හතකින් යුත් මෙම ප්‍රකාශය ජූලි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති අන්තර්ජාතික සමුළුවකින් ආරම්භ වූ අතර, ඊට සෞදි අරාබිය සහ ප්‍රංශය සමසත්කාරකත්වය දරා තිබෙනවා.

දශක ගණනාවක් පුරා පැවති ගැටුම විසඳීමට දරණ උත්සාහයන් නැවත ඇති කිරීමට මෙමගින් උත්සාහ කෙරන අතර, මෙම රැස්වීම වර්ජනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය කටයුතු කර තිබුණා.

මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 142ක් හිමි වූ අතර, විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 10ක්.

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 12ක්.

ශ්‍රී ලංකාව ද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සාකච්ඡා ඉදිරියට ගෙන යෑමේ සංයුක්ත පියවර සඳහා වන ඉල්ලීම් සමඟ, මැද පෙරදිග සාමය සඳහා පදනම ලෙස ද්විරාජ්‍ය විසඳුමක් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව මෙම ප්‍රකාශයෙන් අවධාරණය කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39