ලොව බලගතුම පුද්ගලයා සමඟ, සමීපව කතා කරන්න වරම් ලැබූ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා.

ලොව බලගතුම පුද්ගලයා ලෙස තවමත් සැලකෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග සමීපව සුහද කතාබහක නිරත වීම ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.ලෝක නායකයන් පවා ඇතැම්විට ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට කාලය වෙන් කර ගන්නේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි.

එවන් තත්ත්වයක් තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන් විශ්ව ෆොන්සේකා එලෙස ජනපති බයිඩ්න් හමුවූයේ එක්සත් ජනපද වෙරළාරක්ෂක ඇකඩමියේ නාවික නිර්මාණ සහ ඉංජිනේරු ශිල්පය පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධි සහතිකය ලබා ගැනීමටයි.

විශ්ව ෆොන්සේකා ඇමෙරිකාවේ කනෙටිකට් – නිව් ලන්ඩන් හි වෙරළාරක්ෂක ඇකඩමියේ 140 වන උපාධි ප්‍රධානෝත්සවයේදී අදාළ ගෞරව උපාධිය ලබා ගත්තා.

ඔහු සමඟ ඊට එක්වූයේ වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක එයාර් කොමදෝරු සම්පත් වික්‍රමරත්නයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා බවට පත්වූ මෙම උත්සව අවස්ථාවට ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක ලේකම්වරයා මෙන්ම, ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ අණදෙන නිලධාරි අද්මිරාල් කාල් ෂුල්ට්ස් ද එක්වුණා.

උපාධි සහතිකය ලබා ගැනීමට පැමිණි විශ්ව ෆොන්සේකා සමඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක යෙදීමට ද අමතක කළේ නැහැ.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන විශ්ව නාවික හමුදාවට එක්වන්නේ 2015 වසරේදීයි.සිය පුතු ලද ජයග්‍රහණය පිළිබඳව අදහස් පළ කළ විශ්ව ෆොන්සේකාගේ මව වන ශ්‍රියානි සෙනෙවිරත්න පැවසුවේ මෙය තමන්ට සිහිනයක් මෙන් හැගෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?