ලොව බලගතුම පුද්ගලයා සමඟ, සමීපව කතා කරන්න වරම් ලැබූ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා.

ලොව බලගතුම පුද්ගලයා ලෙස තවමත් සැලකෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග සමීපව සුහද කතාබහක නිරත වීම ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.ලෝක නායකයන් පවා ඇතැම්විට ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට කාලය වෙන් කර ගන්නේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි.

එවන් තත්ත්වයක් තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන් විශ්ව ෆොන්සේකා එලෙස ජනපති බයිඩ්න් හමුවූයේ එක්සත් ජනපද වෙරළාරක්ෂක ඇකඩමියේ නාවික නිර්මාණ සහ ඉංජිනේරු ශිල්පය පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධි සහතිකය ලබා ගැනීමටයි.

විශ්ව ෆොන්සේකා ඇමෙරිකාවේ කනෙටිකට් – නිව් ලන්ඩන් හි වෙරළාරක්ෂක ඇකඩමියේ 140 වන උපාධි ප්‍රධානෝත්සවයේදී අදාළ ගෞරව උපාධිය ලබා ගත්තා.

ඔහු සමඟ ඊට එක්වූයේ වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක එයාර් කොමදෝරු සම්පත් වික්‍රමරත්නයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා බවට පත්වූ මෙම උත්සව අවස්ථාවට ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක ලේකම්වරයා මෙන්ම, ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ අණදෙන නිලධාරි අද්මිරාල් කාල් ෂුල්ට්ස් ද එක්වුණා.

උපාධි සහතිකය ලබා ගැනීමට පැමිණි විශ්ව ෆොන්සේකා සමඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක යෙදීමට ද අමතක කළේ නැහැ.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන විශ්ව නාවික හමුදාවට එක්වන්නේ 2015 වසරේදීයි.සිය පුතු ලද ජයග්‍රහණය පිළිබඳව අදහස් පළ කළ විශ්ව ෆොන්සේකාගේ මව වන ශ්‍රියානි සෙනෙවිරත්න පැවසුවේ මෙය තමන්ට සිහිනයක් මෙන් හැගෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23