ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විශේන් හැළඹගේ හට දකුණු අප්‍රිකානු SA20 ක්‍රිකට් ලීගය ක්‍රීඩා කිරීමේ වරම් හිමි වී තිබෙනවා.
එම තරගාවලියේ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් ඊයේ (09) පැවතී ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විශේන් හැළඹගේ දකුණු අප්‍රිකානු රෑන්ඩ් ලක්ෂ දෙකක ( ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 35කට ආසන්න) මුදලකට පාර්ල් රෝයල්ස් (Paarl Royals) කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා.
විශේන් හැළඹගේට අමතරව එම පාර්ල් රෝයල්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග ද තෝරා ගෙන තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් සහ විශිෂ්ඨ පිතිකරුවෙක් වූ කුමාර සංගක්කාර ද පාර්ල් රෝයල්ස් (Paarl Royals) = වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසියේ ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා සහභාගී වී සිටි අතර ඔහු පාර්ල් රෝයල්ස් (Paarl Royals) හි මවු කණ්ඩායම වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වත්මන් ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය දරනු ලබනවා.





