ආසියානු කුසලානය වෙනුවෙන් ජනිත් ලියනගේට කැඳවීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අද (09) ආරම්භ වන ආසියනු කුසලානය සඳහා මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබුණා.

කෙසේ වෙතත් අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලියේ මෙරට සංචිතය සඳහා තවත් සාමාජිකයෙක් ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ ද සංචිතය සඳහා කැඳවා තිබෙනවා.

ඒ අනුව 17 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක සංචිතයක් මෙවර ආසියානු කුසලානදී ශ්‍රී ලංකා නියෝජනය කරනු ලබනවා.

නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, දසුන් ශානක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න. මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු එම සංචිතය සඳහා ඇතුළත් වී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?