ශ්‍රී ලංකාව සහ UAE අතර ගිවිසුම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මතයි

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අත්සන් කර ඇති ආයෝජන ප්‍රවර්ධනය සහ සුරක්ෂණය පිළිබඳ ගිවිසුම අද (09) පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත වුණා.

ඒ අදාළ ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය සඳහා වූ පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පවතී ඡන්ද විමසුමේදී යි.

ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 163ක් හිමිවූ අතර විපක්ෂව කිසිදු ඡන්දයක් ප්‍රකාශ වුණේ නැහැ .

ඒ අනුව යෝජනා සම්මතය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අනුමත වුණා.

මෙම ගිවිසුම ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය වශයෙන් සුරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජනරජය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර 2025 පෙබරවාරි 12 වැනි දින අත්සන් කරනු ලැබූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?