නේපාලයේ පවතින තත්ත්වය හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් නිවේදනය කරමින් දැනුම්දෙනවා.
එසේම ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් +977- 9851048653 අංකයෙන් පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බද එම නිවේදනයේ සඳහන්.
එසේම සෑම විටම ජලය සහ වියළි ආහාර සැපයුමක් ළඟ තබා ගන්නා ලෙසත් ඔවුන්ට උපදෙස් ලබා දී ඇති අතර ඖෂධ භාවිතා කරන පුද්ගලයින් සෑම විටම ඒවා ඔවුන් අසල තබා ගන්න ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.
සිසුන් 22 දෙනෙක් ඇතුළු ශ්‍රී ලංකිකයන් 99 දෙනෙක් එරට ජීවත්ව සිටින අතර මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මේවන හානියක් සිදු වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1





