පද්මෙගෙ බඩු හැංගූ ඉඩමෙන් අත්බෝම්බ සහ පතොරම් හමුවෙයි

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ දී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය වළ දමා තිබූ භූමිය තුළ තිබිය දී ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ සහ අත්බෝම්බ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

මිද්දෙණිය පොලිස් ස්ථානයේ සහ තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (06) මෙම උණ්ඩ සහ අත්බෝම්බ සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

ජීව අත්බෝම්බ 05ක්, ටී-56 වර්ගයේ ජීව පතොරම් 17ක්, බෝර 12 වර්ගයේ උණ්ඩ 02ක් සහ හිස් පතොරම් කොපුවක් මෙලෙස සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්