මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට අද (06) අලුයම වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩිතැබීමෙන් කිසිවෙකුට හෝ හානියක් සිදුව නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.