ප්‍රතිකාර ගන්න ආ රෝගියා හෙදියකට ගහලා රෝහලෙන් පැනලා

පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගියෙකු සිදුකළ පහරදීමකින් එම රෝහලේ හෙද නිලධාරිනියක් රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පානදුර මූලික රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ සේවයේ නිරතව සිටි හෙදියක්.

පහරදීම සිදුකළ රෝගියා ඇද වැටීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබාගැනීමට පානදුර මූලික රෝහලට ඊයේ පැමිණ ඇති අතර, ඔහු බීමතින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු පරුෂ වචනයෙන් රෝහල් කාර්ය මණ්ඩලයට බැණ වැදී ඇති අතර, පහර කෑමට ලක්වූ බව කියන හෙදිය ඒ බව රෝහල් පොලිසියට දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රෝහල් පොලිසිය දැනුම්වත් කර යළි මූලික ප්‍රතිකාර ඒකකයට පැමිණෙමින් සිටි හෙදියට අදාළ රෝගියා ඔහු තබා සිටි ටෝලියෙන් බැස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව රෝගියා රෝහලෙන් පළාගොස් ඇති අතර, මෙලෙස පහරදීම සිදුකළ රෝගියා මොරටුව, මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
0
+1
4
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?