ප්‍රතිකාර ගන්න ආ රෝගියා හෙදියකට ගහලා රෝහලෙන් පැනලා

පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගියෙකු සිදුකළ පහරදීමකින් එම රෝහලේ හෙද නිලධාරිනියක් රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පානදුර මූලික රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ සේවයේ නිරතව සිටි හෙදියක්.

පහරදීම සිදුකළ රෝගියා ඇද වැටීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබාගැනීමට පානදුර මූලික රෝහලට ඊයේ පැමිණ ඇති අතර, ඔහු බීමතින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු පරුෂ වචනයෙන් රෝහල් කාර්ය මණ්ඩලයට බැණ වැදී ඇති අතර, පහර කෑමට ලක්වූ බව කියන හෙදිය ඒ බව රෝහල් පොලිසියට දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රෝහල් පොලිසිය දැනුම්වත් කර යළි මූලික ප්‍රතිකාර ඒකකයට පැමිණෙමින් සිටි හෙදියට අදාළ රෝගියා ඔහු තබා සිටි ටෝලියෙන් බැස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව රෝගියා රෝහලෙන් පළාගොස් ඇති අතර, මෙලෙස පහරදීම සිදුකළ රෝගියා මොරටුව, මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
0
+1
4
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55