ජනපති අද යාපනයේ – නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ම ජනතා අයිතියට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතයි.

යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනවා.

මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහා ද ජලය, විදුලිය, ඉන්ධන ආදී මූලික සහ අත්‍යාවශ්‍ය පහසුකම්, ශිතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසාදීමට සැලසුම් කර තිබෙනවා.

ධීවර වරායේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවෙන් පසුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවකට ද ජනාධිපතිවරයා එක් වනු ඇති.

මේ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනවා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි.

උතුරු පළාතෙන් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින හෙයින්, වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරෙනවා.

මේ අතර, යාපනය පුස්තකාලයේ ඊ-පුස්තකාල (E Library) වැඩසටහනද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, මේ සමඟ ලොව ඕනෑම ස්ථානයක සිටින පුද්ගලයකුට යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට අවස්ථාව උදාවනවා.

යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්‍ද අද (01) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, ඉන් අනතුරුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවක් සඳහා ද ජනාධිපතිවරයා එක්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
UAE, Qatar සහ Kuwait රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට විශේෂ පණිවුඩයක්
02:46
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ආණ්ඩුවේ කට්ටියගෙන් අය කරගන්න ඕනේ
05:16
Video thumbnail
ආණ්ඩුව ගැන ඇහුවාම මහින්ද දීපු අපූරු උත්තරේ
00:59
Video thumbnail
මනොජ්ගේ මවට අවසන් ගෞරව දක්වන්න මහින්ද සහ ගෝඨත් එයි
02:10
Video thumbnail
ආණ්ඩුවේ කට්ටිය කොච්චර හොරකම් කළත් එයාලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ
08:10
Video thumbnail
රටම කම්පා කළ අභිරහස් මරණයේ වෙනස් කතාවක් එළියට - ආදරය නමින් සිදු වූ බිහිසුණු රඟපෑම
05:44
Video thumbnail
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා | අලුත්ම වීසා සහ නීති
03:59
Video thumbnail
ඔයාලගේ අමුඩේ ගලවලා තමයි අපි එළවන්නේ - ටී.බී සරත් කියපු කතාව ඉල්ලා අස්කරගන්නා
07:09
Video thumbnail
SPA හිමියෝ මානව හිමිකමට යයි - පොලිස් ලොක්කොන්ට වැඩ වරදියි..?
15:51
Video thumbnail
රතු කට්ට පැන්න ගොවි නායකයෝ ආණ්ඩුවට පොල් ගහයි
04:12