එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභගීවීමට පෙර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙරට සිටින තානාපතිවරු සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විද්වතුන් සහ නීතීඥවරුන් ද හමුවී සාකච්ඡා කිරීමටයි අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.
ඒ, අනුව හෙටින් ඇරඹෙන සතියේ දී මෙම සාකච්ඡාවන් පවත්වනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ජාතික ජන බලවේග රජය බලයට පත්වී වසරක පමණ කාලයක් තුළ මානව හිමිකම් සම්බන්ධ ගැටලු විසදීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී රාජ්‍ය තාන්ත්‍රිකයින් දැනුම්වත් කිරීමට සූදානමින් සිටිනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය එළඹෙන සැප්තැම්බර් 08 වනදා පැවැත්වීමට නියමිතයි.




