සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහි නීතිය කඩිනම් කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවීමට රජය කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඒ, අනුව විශේෂ මහාධිකරණ කිහිපයක් ස්ථාපිතකර එම සංවිධානාත්මක අපරාධකරුවන්ට අදාළ නඩු කටයුතු කඩිනමින් නිමකර ඔවුන්ට දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා.
සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වූ දේශපාලඥයින් පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඔවුන්ගේ දේපළ යම් යම් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යොදාගත් ආකාරය පිළිබඳවත් තොරතුරු අනාවරණය වී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.
එමෙන්ම නීතියට උඩින් කිසිවක් නොමැති බවත්, කිසිදු තරතිරමක් නීතිය ඉදිරියේ අදාළ නොවන බවත්, නීතිය ඉදිරියේ සියලුදෙනා එක හා සමාන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.





