සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නඩු අහන්න විශේෂ අධිකරණයක්

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහි නීතිය කඩිනම් කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවීමට රජය කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ, අනුව විශේෂ මහාධිකරණ කිහිපයක් ස්ථාපිතකර එම සංවිධානාත්මක අපරාධකරුවන්ට අදාළ නඩු කටයුතු කඩිනමින් නිමකර ඔවුන්ට දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා.

සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වූ දේශපාලඥයින් පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඔවුන්ගේ දේපළ යම් යම් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යොදාගත් ආකාරය පිළිබඳවත් තොරතුරු අනාවරණය වී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන්ම නීතියට උඩින් කිසිවක් නොමැති බවත්, කිසිදු තරතිරමක් නීතිය ඉදිරියේ අදාළ නොවන බවත්, නීතිය ඉදිරියේ සියලුදෙනා එක හා සමාන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

  1. සුපිරි අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕන

    ඒ වගේම උන් අධිකරණයට ගේන්න අවශ්‍යතාවයක් ඇති වන්නේ නැත එසේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් අධි ආරක්ෂාව යටතේ රැගෙන ආයුතු අතර එතෙක් ඔවුන්ගේ නඩු කටයුතු Zoom තාක්ෂණය ඔස්සේ විභාග කිරිම් කටයුතු සිදුකල යුතුයි

    පුළුවන් නම් එල්ලුම් ගසත් ක්‍රියාත්මක කලයුතු අතර ජනාධිපතිවරයාට මරණීය නියෝගය ලබාදීම ට අපහසු නම්වෙ ඔහු නුවෙන් මරණීය නියෝග නිකුත් කිරීම සදහා විශ්‍රාමික අග්‍රවිනිශ්චයකාරවරයෙකු හෝ නීතිපතිවරයෙකු හෝ පොලිස්පතිවරයෙකු හෝ වෙනත් සුදුසු කෙනෙකු පත්කර ඔහු හරහා ජනාධිපතිවරයාගේ මරණීය නියෝගය ලබාදිය යුතුය

    එහෙම නැතුව මේක හදන්න බැහැ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52
Video thumbnail
මෙට්‍රෝ බස් එක ප්‍රවාහනයේ අනාගතය ගැන පින්තූරයක් දෙනවා - මේවා විශ්ව කර්ම නෙමෙයි
09:25
Video thumbnail
නාමල්ගේ ජනතා ප්‍රසාදය බලාගන්න පුළුවන්, ඡන්දේ තියන්න
05:53
Video thumbnail
ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි
03:22
Video thumbnail
ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම ගැන අනුරාධා කට අරියි - රැඳවුම් බාරයේ තබාගැනීම ගැන UNHRC එක විවේචනය කරනවා
08:59
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59