මන්නාරම තාල්වුපාඩු මුහුදු තීරයේ තිබී බොහෝ සෙයින් නරක් වූ මළ සිරුරක් තිබී ඊයේ (25) සවස තිබී සොයා ගත් බවට මන්නාරම් පොලීසිය පැවසීය.
තාල්වුපාඩු ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් අදාල මළ සිරුර දැක ඒ පිළිබඳව මන්නාරම් පොලීසියට දැනුම් දෙන ලදි.
අනතුරුව මන්නාරම් පොලීසිය අදාල ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී මළ සිරුර ඇට සැකිල්ලක් වන තරමටම නරක් වී තිබූ හෙයින් මිය ගොස් ඇත්තේ කවුරුන්දැයි යන්න හඳුනාගැනීමට නොහැකි වී ඇත.
මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් මන්නාරම් මහරෝහලේ තැන්පත් කොට අති අතර මන්නාරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





