“අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්” මැයෙන් මෙරට ප්‍රධාන මාධ්‍ය ජාලයක පළ කර තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය කාර්යාලය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා.
එමෙන්ම එහි දැක්වෙන්නේ අදාළ මාධ්‍ය ජාලය විසින් පළකර තිබූ එම පුවත සාවද්‍ය බවයි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට රෝහලට පැමිණි බවට අදාළ ප්‍රවෘත්ති ආයතනය මගින් ප්‍රසිද්ධ කළ ප්‍රවෘත්තිය අග්‍රාමාත්‍ය කාර්යාලය ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් විශේෂ ලිපියක් යොමුකරමින් පවසා සිටියේ එම පුවත සාවද්‍ය බවයි.















