අගමැතිනිය සම්බන්ධයෙන් පළ වූ සාවද්‍ය පුවත ගැන නීතිමය පියවර ගැනීමට සැරසෙයි

“අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්” මැයෙන් මෙරට ප්‍රධාන මාධ්‍ය ජාලයක පළ කර තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය කාර්යාලය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම එහි දැක්වෙන්නේ අදාළ මාධ්‍ය ජාලය විසින් පළකර තිබූ එම පුවත සාවද්‍ය බවයි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට රෝහලට පැමිණි බවට අදාළ ප්‍රවෘත්ති ආයතනය මගින් ප්‍රසිද්ධ කළ ප්‍රවෘත්තිය අග්‍රාමාත්‍ය කාර්යාලය ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් විශේෂ ලිපියක් යොමුකරමින් පවසා සිටියේ එම පුවත සාවද්‍ය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51
Video thumbnail
අපරාධ ජාලය ඇයි පොලිසියට නවත්තන්න බැරි ? - දැන් තමයි සිස්ටම් එකට වැටුණේ - කාලයක් ඕනි
05:25
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඥාතීන්ට වෙ# තැබීම් ගැන ඕලුගල හෙළිකරයි - බලය වැඩි කරගන්න වැඩ මේ
01:40