සෙවනගල උක් වගා බිම් ගින්නකින් අළු වෙයි

සෙවනගල සීනි සමාගමට අයත් උක් ගොවීන්ගේ වගා ඉඩම්වල අද (25) උදෑසන සිට විශාල ගින්නක් ඇවිලෙමින් පවතින බව වාර්තා වනවා.

තම වගාබිම් බේරාගැනීම සඳහා සෙවනගල සීනි කම්හලේ පාලකයින් ඇතුළු වගකිවයුත්තන්ගේ කඩිනම් අවධානය මේ වෙනුවෙන් යොමු කරන ලෙසට සෙවනගල උක් ගොවීන් ඉල්ලා සිටිනවා.

මේ අතර පැතිර යන ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් සිටි ආබාධිත හමුදා සෙබලෙක් ද තුවාල ලබා සෙවනගල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?