Update – වැල්ලම්පිටිය වෙඩි තැබීම වනාතේ චතූගේ පාර්ශ්වය කළ බවට සැකයක් – ඉලක්කය වනාතේ දුමින්දගේ ගෝලයෙක් (වීඩියෝ)

වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක දී දෙදෙනෙක් ඉලක්ක කරගෙන අද (25) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.

අදාළ ලැඟුම්හලේ නවාතැන් ගෙන සිටි සසික ප්‍රියදර්ශන නැමැති සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහු සමඟ සිටි බාල සුබ්‍රමනියම් අනූෂා නැමැති කාන්තාවක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබෙනවා.

මෙලෙස වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ සසික ප්‍රියදර්ශන නැමැත්තා වනාතේ දුමින්ද යන අයගේ පාර්ශ්වයේ සාමාජිකයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සැකපළ කරන්නේ වනාතේ චතූ යන අයගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙදෙනකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති අතර, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකථනයක් සහ වෙඩි තැබීමට භාවිත කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනය ද එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?