දිවයිනේ සියලුම රෝහල්වල හෙට (25) උදෑසන 8.00 සිට සංකේත වැඩ වර්ජනයකට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ.
වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ නිසි ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩ වර්ජනයට එළඹෙන බවයි ඔහු පැවසුවේ.
මේ අතර වර්ජනය ක්‍රියාත්මකවන කාලය තුළ පැවැත්වෙන සාකච්ඡාවලින් පසු වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්දෙන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
4
+1
2
+1
+1
8





