හෙට අටේ සිට දොස්තරලා වැඩ වර්ජනයේ

දිවයිනේ සියලුම රෝහල්වල හෙට (25) උදෑසන 8.00 සිට සංකේත වැඩ වර්ජනයකට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ.

වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ නිසි ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩ වර්ජනයට එළඹෙන බවයි ඔහු පැවසුවේ.

මේ අතර වර්ජනය ක්‍රියාත්මකවන කාලය තුළ පැවැත්වෙන සාකච්ඡාවලින් පසු වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්දෙන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රාදේශීය සභාව උණුසුම්
01:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල
00:35
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල - තුවාල ලැබූ අයෙක් රෝහලට..මෙන්න එහි නවතම දර්ශන
00:39
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19