එප්පාවල ප්‍රදේශයේ ගින්නකින් යතුරුපැදි මධ්‍යස්ථානයක් හා නිවසක් අළු

එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ යතුරුපැදි කාර්මික සේවා ස්ථානයක් හා ඊට යාබදව පිහිටි නිවසක ඊයේ (22) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එම යතුරු පැදි සේවා ස්ථානය හා නිවස සම්පූර්ණයෙන් ගිනි බත් වී තිබුණා.

විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වෙන්නට ඇතැයි සැක පළ කරන අතර වාර්තා වන ආකාරයට කිසිඳු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදු වී නැහැ..

රාත්‍රී 7.30 ට පමණ මෙම ⁣ගින්න හට ගෙන තිබුණු අතර ඒ වන විට යතුරුපැදි සේවා ස්ථානය වසා දමා තිබී ඇති අතර, ඊට යාබද කඩකාමරයේ පිහිටි නිවසේ එහි හිමිකාරිය, සිය පුතු හා මව සමඟ නිවසේ මුළුතැන් ගෙයි සිට තිබෙනවා.

එක්වරම නිවසේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඒ පිළිබඳ විපරම් කර බැලීමේදී නිවසේ එක් කොටසක් ගිණි ගන්නා ආකාරය දැක තිබූ අතර අසල්වාසීන්ගේද සහය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට උත්සහ කළද යතුරු පැදි සේවා ස්ථානය තුළ ලිහිසි තෙල්, ටයර් ආදී වහා ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය පැවතීම හේතුවෙන් ගින්න පැතිර ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

නිවසේ නිදන කාමරය හා එම නිවසේ වෙසෙන පාසල් දරුවන් දෙදෙනාගේ පොත් පත්ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

පසුව අනුරාධපුර මහ නගර සභාවේ ගිණි නිවීම් ඒකකය පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත් වූහ අතර සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?