එප්පාවල ප්‍රදේශයේ ගින්නකින් යතුරුපැදි මධ්‍යස්ථානයක් හා නිවසක් අළු

එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ යතුරුපැදි කාර්මික සේවා ස්ථානයක් හා ඊට යාබදව පිහිටි නිවසක ඊයේ (22) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එම යතුරු පැදි සේවා ස්ථානය හා නිවස සම්පූර්ණයෙන් ගිනි බත් වී තිබුණා.

විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වෙන්නට ඇතැයි සැක පළ කරන අතර වාර්තා වන ආකාරයට කිසිඳු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදු වී නැහැ..

රාත්‍රී 7.30 ට පමණ මෙම ⁣ගින්න හට ගෙන තිබුණු අතර ඒ වන විට යතුරුපැදි සේවා ස්ථානය වසා දමා තිබී ඇති අතර, ඊට යාබද කඩකාමරයේ පිහිටි නිවසේ එහි හිමිකාරිය, සිය පුතු හා මව සමඟ නිවසේ මුළුතැන් ගෙයි සිට තිබෙනවා.

එක්වරම නිවසේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඒ පිළිබඳ විපරම් කර බැලීමේදී නිවසේ එක් කොටසක් ගිණි ගන්නා ආකාරය දැක තිබූ අතර අසල්වාසීන්ගේද සහය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට උත්සහ කළද යතුරු පැදි සේවා ස්ථානය තුළ ලිහිසි තෙල්, ටයර් ආදී වහා ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය පැවතීම හේතුවෙන් ගින්න පැතිර ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

නිවසේ නිදන කාමරය හා එම නිවසේ වෙසෙන පාසල් දරුවන් දෙදෙනාගේ පොත් පත්ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

පසුව අනුරාධපුර මහ නගර සභාවේ ගිණි නිවීම් ඒකකය පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත් වූහ අතර සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:25
Video thumbnail
කාන්තාවන් දෙදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:24
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:35
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19