තරග පහකින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (23) අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගියා.
තරගාවලිය සඳහා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ආගමික වතාවත්වලට එක් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දීයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 29 වනදා ආරම්භ වනවා.
මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර, නවක ක්‍රීඩකයෙක්වන පවන් රත්නායකට මෙම සංචිතයේ ඉඩ වෙන් වී තිබෙනවා.
ඊට අමතරව පදුගික කාලයේ දක්ෂතා අතරට පැමිණි නුවනිඳු ප්‍රනාන්දු ද මෙම තරග සංචාරය වෙනුවෙන් සංචිතය සඳහා එක්කර ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
3
+1
+1
+1
+1















