වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ දී මාර්ගය හරහා මාරු වෙමින් සිටි වන අලියෙක් වෑන් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මොණරාගල සිට කොළඹ දක්වා ගමන්ගත් වෑන් රථයක් මෙලෙස වන අලියෙකුගේ ගැටී ඇති අතර, අනතුර සිදුවන් අවස්ථාවේ එහි පස්දෙනෙක් ගමන් කරමින් සිටි බවයි වාර්තා වුණේ.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් පස්දෙනාම තුවාල ලබා ඇති බවටු දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
තුවාලකරුවන් අතර කුඩා දරුවෙකු ද සිටින අතර, අනතුරින් වන අලියාට ද දරුණු තුවාල සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ.
අනතුරින් වෑන් රථයට ද දැඩි හානි සිදුව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
1
+1
1
+1
+1
1















