චීන විදේශ ඇමති හෙට ඉන්දියාවට

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී දෙදින නිල සංචාරයක් සඳහා හෙට (18) දිනයේ නවදිල්ලියට පැමිණෙනවා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ගේ ආරාධනයක් මත ඉන්දු – චීන දේශසීමා ගැටලුව පිළිබඳ වට මේස සාකච්ඡාවට සහභාගී වීම සඳහා චීන විදේශ කටයුතු අමාත්‍යවරයා නවදිල්ලියේ සංචාරය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

සිය සංචාරයේ දී වැන්ග් යී, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සමඟ සාකච්ඡා පවත්වන බව ද නිවේදනයේ සඳහන්.

වැන්ග් යී ගේ සංචාරය සිදුවන්නේ ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රැස්වීම සඳහා අගෝස්තු 31 වැනිදා නරේන්ද්‍ර මෝදි චීනයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබියදීයි.

ඉන්දියාව සහ චීනය මෑත මාසවල දී ඔවුන්ගේ සබඳතා වැඩිදියුණු කිරීමට කටයුතු කරමින් සිටිනවා.

රුසියානු තෙල් මිලදී ගැනීම මත එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට තීරුබදු පැනවූ පසුබිමක ඉන්දු – චීන සබඳතාවල මෙම වර්ධනය භූ දේශපාලනිකව ඉතා වැදගත් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03