චීන ජාවාරම්කරුවන් විසින් සූරාකන ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය

ඉහළ පෙළේ මැණික් සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය, ප්‍රධාන වශයෙන් චීන මැදිහත්වීම නිසා ඇති වූ බරපතළ සූරාකෑමකට මුහුණ දී සිටිනවා.

චීන ජාතිකයන් රුපියල් බිලියන 30ක් පමණ වටිනා මැණික් නීති විරෝධී ලෙස අපනයනය කර ඇති බවට ගණන් බලා ඇති අතර, එමඟින් කළු මැණික් වෙළඳපොළක් නිර්මාණය වනු ඇති.

මෙය නීත්‍යනුකූල ව්‍යාපාරවලට සහ රටේ ආර්ථිකයට එල්ල කරනුයේ දැඩි තර්ජනයක්.

පසුගියදා⁣ කොළඹ මහාධිකරණය, විසින් දශකයක පමණ කාලයක් ජාවාරමට සම්බන්ධ චීන ව්‍යාපාරිකයෙකුගේ රුපියල් මිලියන 201කට වඩා වැඩි මුදල් සහිත බැංකු ගිණුම් තහනම් කරනු ලැබුවා.

බලපත්‍ර රහිත මැණික් වෙළඳාම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා අදාළ චීන ජාතිකයාට එල්ල වී තිබෙනවා.

මෙම වසර මුලදී, ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී චීන ජාතික පියෙක් සහ දියණියක රුපියල් මිලියන 17 කට වඩා වටිනා මැණික් ගල් තොගයක් රටින් පිට කිරීමට ගත් උත්සාහයක් වළක්වනු ලැබුවා.

ඒවා ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙනයාම සඳහා ඔවුන්ගේ ඇඳුම්වල සඟවා තිබුණා.

නීති විරෝධී මැණික් වෙළඳ ක්‍රියාවලිය ඉතා ක්‍රමානුකූල වන අතර, චීන ජාතිකයන් සංචාරක ව්‍යාපාරයේ මුවාවෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ලේඛන, බදු සහ නීතිමය මාර්ග මග හැරීම සඳහා නීත්‍යානුකූල නොවන අතරමැදියන්ගෙන් වටිනා මැණික් මිලදී ගන්නවා.

එවැනි නීති විරෝධී ක්‍රියාකාරකම් මේතුවෙන් වාර්ෂිකව එකතු කළ අගය මතු බදු රුපියල් බිලියන 38ක් පමණ අහිමි වන බව ගණන් බලා ⁣තිබෙනවා.

මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ අංශය පිළිබඳ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) උපදේශක කමිටුව, නීති විරෝධී ගැනුම්කරුවන් ශ්‍රී ලංකාවේ මැණික් වෙළඳාමට ඇතුළු වීමේ අන්තරායන් පිළිබඳ දැනටමත් පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
11
+1
3
+1
1
+1
6
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?