විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද (15) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමල් වීරවංශ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහුව පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සඳහා ගිය සම්පූර්ණ වියදම ඊබ්‍රාහීම් නැමැති ව්‍යාපාරිකයා දරා ඇති බවත්, ඒ පිළිබඳ වාර්තාවක් ඇමරිකාවේ FBI ආයතනය එරට අධිකරණයට ලබා දී ඇති බවයි.

අදාළ ඊබ්‍රාහීම් නැමැති ව්‍යාපාරිකයා ද ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙක්ව සිටි බව හැමෝම දන්නා කාරණාවක් බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?