79 වන ඉන්දීය ජාතික නිදහස් දිනය අද – අගමැති මෝදිගෙන් නිදහස් දින වාර්තාවක්

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (15) යෙදී තිබෙනවා.

ජාතික නිදහස් දින වෙනුවන් පවත්වන විශේෂ රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගත්වයෙන් නවදිල්ලියේ රතු බළකොටුවේ දී අද (15) පෙරවරුවේ ආරම්භ වුණා.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ නිදහස ලැබුවේ අද වැනි දිනකයි.

මෙවර ඉන්දීය නිදහස් දින උත්සවයේ දී සින්දූර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් ඇගයීමට මුල්තැනක් ලබා දී ඇති බවයි විදෙස්මාධ්‍ය වාර්තා කළේ.

නවදිල්ලියේ රතු බළකොටුවේ සිට ජාතිය අමතමින් ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ ‘ආත්මනිර්භාර් භාරත්’ (ස්වයංපෝෂිත ඉන්දියාව) ‘වික්සිත් භාරත්’ (සංවර්ධිත ඉන්දියාවක්) පදනම බවයි.

ඉන්දියාව ස්වයංපෝෂිත නොවූයේ නම්, ඉන්දියාවට සින්දූර් මෙහෙයුම මෙතරම් සාර්ථකව සිදුකිරීමට නොහැකි වනු ඇති බවයි මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිනයේ වාර්තාවක් ද පිහිටවනු ලැබුවා.

ඒ, රතු බලකොටුවේ සිට වැඩිම අවස්ථා ගණනක දී නිදහස් දින කතා පැවැත්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙමින්.

මෝදි අග්‍රාමාත්‍යවරයා අඛණ්ඩව අවස්ථා 12ක දී ඉන්දීය නිදහස් දින කතා පවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21