ඉන්දු -රුසියා විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජේ ලැව්රොයි අතර හමුවක් අගෝස්තු 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.

රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මොස්කව් හිදී මෙම හමුව සිදුවන බවයි.

ද්විපාර්ශ්වික කරුණු මෙන්ම ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් සහයෝගීව වැඩ කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙන බව රුසියානු විදේශ ක⁣ටයුතු අමාත්‍යාංශය X හි තැබූ සටහනක දැක්වුණා.

මෙම හමුව සිදුවන්නේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ආනයන මත ඇමෙරිකාව සියයට 25ක තීර බදු පනවා ඇති පසුබිමකයි.

ඉන්දීය ආනයන මත සමස්ත තීරු බදු ප්‍රමාණය සීයයට 50ක්.

එය ලොව රටකට දැනට ක්‍රියාත්මක ඉහළම බදු අනුපාතයයි.

දෙරටේ විදේශ අමාත්‍යවරු පසුගිය ජුලි මාසයේ දී චීනයේ දී ෂැංහයි සහයෝගීතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්⁣⁣ගේ සාකච්ඡාවට සමගාමීව ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.

පසුගිය ජුනි මාසයේ දී දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු අතර හමුවක් ද පැවැත්වුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32