වෙඩි වැදීමකින් තුවාල ලබා මාස 04කට අධික කාලයක් කණ්ඩලම වැව් ඉස්මත්තේ රැඳී සිටිය දී ඊයේ (13) මියගිය කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වනු ලැබූ වන අලියා වෙනුවෙන් පිං අනුමෝදනාවක් සිදුකර සිදුකරනු ලැබුවා.
ප්‍රදේශවාසීන් විසින් අද (14) මෙම පිංකම සංවිධානය ක්ලාර තිබූ අතර, ඔවුන් දැඩි සංවේගයට පත් වී සිටින අයුරු ද දැකගත හැකි වුණා.
රංගිරි දඹුලු වළගම්බා මහ පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති නිකපිටියේ සුනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එම ස්ථානයට වැඩම කොට ආගමික වතාවත් සිදුකර පාංශුකූල කටයුතු සිදුකරනු ලැබුවා.
මතක වස්ත්‍ර පූජාකර පැන් වඩා මියගිය කණ්ඩලමේ හැඩකාරයාට බෞද්ධාගමික කටයුතු අනුව නිවන් සුව ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදු කෙරුණා.
මේ අතර මෙම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබුණා.





