ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් හතරට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 04 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්ථානය අතර මේ දිනවල පැවැත්වෙන එක්දින තරඟාවලියේ ඊයේ (10) පැවති දෙවන එක්දින තරඟය පාකිස්ථානය පරාජයට පත් වීමත් සමඟයි ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හි මෙලෙස ඉදිරියට පැමිණ ඇත්තේ.

ශ්‍රී ලංකාවට ඉදිරියෙන් තෙවන ස්ථානයේ ඕස්ට්‍රේලියාව සහ දෙවන ස්ථානයේ නවසීලන්තය රැඳී සිටිනවා.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වන්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි.

එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අමතරව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානයේත්, විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානයේත් ශ්‍රී ලංකාව මේ වන විට රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27