ගිනිගත් නිවසක කාමරයක් තුළ තිබී අවුරුදු 07ක දරුවෙකුගේ සිරුරක් සොයාගෙන (වීඩියෝ)

ගිනිගත් නිවසක් තුළ තිබී පිරිමි දරුවෙකුගේ පිළිස්සුනු මළ සිරුරක් සොයාගත් අවාසනාවන්ත පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 07ක දරුවෙක් බවයි වාර්තා වුණේ.

බලංගොඩ පොලිස් වසමේ දෙහිගස්තලාව, නාෆියා වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් ගිනි ගන්නා බවට අද (09) අලුයම 119 හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් එහි ගොස් නිවස පරීක්ෂා කිරීමේ දී නිවසේ කාමරයක් තුළ තිබී පිළිස්සුණු මොහොමඩ් රොෂාන් නැමැති මෙම දරුවාගේ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

දරුවාගේ සිරුර බලංගොඩ මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි ‘දසත නිවුස්’ බලංගොඩ ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අද (09) අලුයම 4.30ත් පහත් අතරට කාලය තුන නිවසේ ගින්න හටගෙන ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38