ගිනිගත් නිවසක් තුළ තිබී පිරිමි දරුවෙකුගේ පිළිස්සුනු මළ සිරුරක් සොයාගත් අවාසනාවන්ත පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 07ක දරුවෙක් බවයි වාර්තා වුණේ.
බලංගොඩ පොලිස් වසමේ දෙහිගස්තලාව, නාෆියා වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් ගිනි ගන්නා බවට අද (09) අලුයම 119 හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී තිබෙනවා.
අනතුරුව පොලිස් නිලධාරීන් එහි ගොස් නිවස පරීක්ෂා කිරීමේ දී නිවසේ කාමරයක් තුළ තිබී පිළිස්සුණු මොහොමඩ් රොෂාන් නැමැති මෙම දරුවාගේ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
දරුවාගේ සිරුර බලංගොඩ මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි ‘දසත නිවුස්’ බලංගොඩ ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අද (09) අලුයම 4.30ත් පහත් අතරට කාලය තුන නිවසේ ගින්න හටගෙන ඇති බවයි.





