තීරු බදු අභියෝගය සාර්ථකව අවසන් කළ සතුට තියනවා – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි

තීරු බදු අඩුකර ගැනීම වෙනුවෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ඇතැම් යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ එම යෝජනා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවයි.

එමෙන්ම ඇමරිකාව පැනවූ තීරු බදු පැනවීමේ තත්ත්වය ඉතා යහපත් ආකාරයෙන් අවසන්කර රටේ ආර්ථිකයට අහිතකර බලපෑමක් නොවන ආකාරයට විසඳාගැමේ අභියෝගයක් පැවති බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

ඒ, අනුව එම අභියෝගය ඉතා සාර්ථකව අවසන් කළ බවට සතුටක් රටක් ලෙස පවතින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?