AFC Banner
Empty Ad
Empty Ad

මෙරට තුළ සිදු වූ කොරෝනා මරණ ගැන අලුත්ම හෙළිදරව්වක් – Sri Lanka Coronavirus Update

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ 1210 අතරින් 558 ක්ම අප්‍රේල් 15 වැනිදායින් පසුව වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අවුරුදු පොකුරේ මරණ සංඛ්‍යාව, සමස්ත මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සැලකූ විට සියයට 46 යි දශම 1 ක්.

එසේම, අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුර ආරම්භ වීමෙන් අනතුරුව අප්‍රේල් 15 වැනිදායින් පසුව මෙරටින් කොරෝනා ආසාදිතයින් 67,912 ක් හඳුනාගෙන තිබෙනවා.

ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 2,959 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 164,201 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 14 දෙනක් විදේශගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර සෙසු 2,945 දෙනා අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින්.

ගෙවුණු දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වූ 554 දෙනෙකු වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 391ක් වාර්තා වූ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 198ක්.

මීට අමතරව අනුරාධපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වුණා.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 330,998 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද පුද්ගලයින් 514,259 දෙනෙකුට ලබාදී අවසන්.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් ගණන 14,984ක්.

එමෙන්ම, වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂත්වයක් දක්වමින් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත ආරම්භ වී ඇතැයි, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් පෙන්වා දෙනවා.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ පවතින අවදානම එක් වෘත්තියකට පමණක් සීමා නොවන්නක් නිසා සියලු‍ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුල්වල සාමාජිකයින්ට එක හා සමානව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර, බිම් මට්ටමේ රාජකාරී කරන සියලුම දෙනාට කොරෝනා එන්නත ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් නොකළහොත් හෙට පෙරවරුවේ සිට සියලු කොරෝනා රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

පරිපූරක වෛද්‍ය සේවය ඇතුළු වෘත්තීය සමිති 18 ක් නියෝජනය කරන එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

මේ අතර, මේ මස 31 වැනිදා වනවිට ග්‍රාම නිලධාරීන් සියලුම දෙනා වෙනුවෙන් අවම සෞඛ්‍ය පහසුකම් හා එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙමින් එන්නත්කරණය සඳහා යොමු නොවන්නේ නම් ජුනි මස 01 වැනිදා සිට කොරෝනා සහන සේවා සැපයීමේ කටයුතුවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයද ප්‍රකාශ කළා.

a Happy Birthday

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?