දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ගැන කොටුව මහේස්ත්‍රාත්වරියගෙන් නියෝගයක්

යමෙකු අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහැරිමට අධිකාරි බලයක් මහේස්ත්‍රාත් අධිකරණය සතුව ඇති නමුත් එම බලය භාවිත කළ යුත්තේ රටේ අධිකරණයට හා නීතියට ගරු කර පුරවැසියන් වෙනුවෙන් මිසක දින සති ගනන් වහන් වී නීතිය සමච්චලයට ලක් කළ පුද්ගලයකු වෙනුවෙන් නොව බව රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවේ පැවසුවා.

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන අගෝස්තු 07 වනදා ලිඛිත විරෝධතා ගොනු කිරිමෙන් අනතුරුව නිකුත් කරන බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය සියලු පාර්ශ්වවලට දැනුම් දුන්නා.

අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ඇත්නම් එදිනට ගොනුකරන ලෙසත් ඉන් අනතුරුව සුදුසු නියෝගයක් නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

අරගලය පැවැති අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අදාළ නඩුවක් ගොනු කර ඇති බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් හිටපු පොලිස්පතිවරයා අපේක්ෂිත ඇප ඉල්ලුමක් අද (05) ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40