කාවන්තිස්ස ඇතාගේ ජීවිතය ගැන පොලිසියට පැමිණිල්ලක්

මෙරට වනාන්තර තුළ සිටින විශාලතම ඇතා ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාගේ ජීවිතයට ඇති තර්ජන පිළිබඳව පොලිසියට මේ වනවිට පැමිණිලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.

අද (05) දහවල් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ලැබී ඇති පැමිණිල්ල පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව හා සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකරන බවත් ඒ අනුව ඇතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරිපියවර ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවේ.

මේ අතර හස්තියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් පවතින බවට තවමත් තොරතුරක් වාර්තා වී නොමැති බවත්, කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් අවධානය යොමුකරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12