ට්‍රම්ප් යළි මෝදිට තර්ජනය කරයි

රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට නැවතත් තර්ජනය කර තිබෙනවා.

ඒ, අනුව ඉන්දියානු භාණ්ඩ සඳහා තීරුබදු සැළකිය යුතු ලෙස ඉහළ නංවන බව ට්‍රම්ප් අනතුරු අඟවනවා.

“ඉන්දියාව රුසියානු තෙල් විශාල ප්‍රමාණයක් මිලදී ගන්නවා පමණක් නොව, මිලදී ගත් තෙල්වලින් වැඩි ප්‍රමාණයක් විවෘත වෙළඳපොළේ විශාල ලාභයක් සහිතව විකුණනවා. නමුත් රුසියානු යුද මැෂින් නිසා යුක්‍රේනයේ කීදෙනෙක් මිය යනවාද යන්න සම්බන්ධයෙන් ඔවුන් කිසිම තැකීමක් කරන්නේ නැහැ” ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක සඳහන් කළා.

“මේ නිසා, ඉන්දියාව විසින් ඇමරිකා එක්සත් ජනපදයට ගෙවන තීරුබදු සැළකිය යුතු ලෙස ඉහළ නංවන්නෙමි. මේ පිළිබඳ අවධානය යොමු කිරීම ගැන ස්තූතියි” යයි ඔහු සඳහන් කර ඇත්තේ, තමන් අදහස් කළේ කුමන තීරුබදු මට්ටමද යන්න සඳහන් නොකරමින්.

ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වමින් රොයිටර්ස් වෙත පවසා ඇත්තේ ඉන්දියාව “තම ජාතික අවශ්‍යතා සහ ආර්ථික ආරක්ෂාව සසහා අවශ්‍ය සියලු පියවර ගන්නා” බවයි.

ඉන්දියාව ඉලක්ක කර ගැනීම අසාධාරණ සහ පදනම්විරහිත බව ප්‍රකාශකයා තවදුරටත් පැවසූ බව රොයිටර්ස් වාර්තා කරනවා.

2022 මුල් භාගයේදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ දා සිට මොස්කව් වෙතින් ඈත් වීමට ඉන්දියාවට බටහිර රටවලින් බලපෑම් එල්ල වී තිබෙනවා.

රුසියාව සමඟ එහි දිගුකාලීන සබඳතා සහ ආර්ථික අවශ්‍යතා උපුටා දක්වමින් නව දිල්ලිය ඊට එකඟ වූයේ නැහැ.

රුසියාව සමඟ කරන වෙළෙඳ ගනුදෙනු සැලකිල්ලට ගෙන ට්‍රම්ප් දැනටමත් ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් පනවා තිබෙනවා.

අන්‍යෝන්‍ය තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට ඉන්දියාව පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡාවල නිරත වුවද එය තවමත් අවසන් නැහැ.

රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ඉහළ පෙළේ මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් සෙනසුරාදා වාර්තා කළේ ඉන්දියාව අඛණ්ඩව රුසියාවෙන් තෙල් මිලදී ගන්නා බවයි.

රුසියාවෙන් seaborne බොරතෙල් මිලදී ගන්නා විශාලතම ගැනුම්කරුවා වන්නේ ඉන්දියාවයි.

මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලයේදී ඉන්දියාව අවම වශයෙන් දෛනිකව බොරතෙල් බැරල් මිලියන 1.75ක් රුසියාවෙන් ආනයනය කරන බව රොයිටර්ස් වාර්තා කරනවා.

එය පසුගිය වසරේ අනුරූප කාලයට සාපේක්ෂව සියයට එකක වර්ධනයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20