සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මාදිවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.
මිරිහාන පොලිසිය වැටලීම සිදුකර ඇති අතර, එහිදී පදෙස්නෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ (03) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගණිකා නිවාසයේ කළමණාකරු ලෙස කටයුතු කල පුද්ගලයා, කාන්තාවන් දෙදෙනෙක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.
අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් වයස අවුරුදු 22 හා 24 වයස්වල පසුවන පාදුක්ක හා පූඩලුඔය යන ප්‍රදේශවල පදිංචිකාරියන්.
සැකකරුවන් අවුරුදු 22, 25 හා 33 වයස්වල පසුවන දික්වැල්ල හා පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මිරිහාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





