අද අඳුරු දවසක් – කාලගුණයෙන් දැනුම්දීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු සහ උතුරු මැද පළාත්වල අහස වළාකුලින් බරව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රේස් ඇවිත් වෙච්ච විනාශයක්..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33