මෙවරත් ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සිදු නොවේ

මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ.

අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් සමාගම දැනුම්දි තිබෙනවා.

ඒ අනුව, ලාෆ්ස් ගෑස් අවසන් වරට සංශෝධනය වූයේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.

පවතින මිල අනුව, 12.5Kg ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,115ක්ව පවතිනු ඇති.