ජූලි මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද ගිණුම්වලට

අද (30) දිනයේ ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

රු 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක් අතරේ බෙදාහැරීමට නියමිත අතර අදාළ ප්‍රතිලාභීන්ට අද දින සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකියි.