AFC Banner
Empty Ad
Empty Ad

ඇමති නාමල් සජිත්ට කොවිඩ් වැළඳුන තැන සොයා ගනි

මේ වන විට කොවිඩ් – 19 ආසාදනය වී සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එය ආසාදනය වූයේ කොතැනින් දැයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා හෙළිදරව් කර තිබේ.

ඊයේ (23) කොළඹ මහල් නිවාස ආශ්‍රිත ජනතාවගේ ප්‍රශ්න සොයා බැලීමට ගිය අමාත්‍යවරයාගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් ආසාදනය වීම ගැන මාධ්‍ය ප්‍රශ්න කරන ලදී.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමා විපක්ෂ නායකවරයාට ඉතා ඉක්මනින් සුව වන ලෙස ප්‍රාර්ථනා කරන බවත් පසුගියදා සමගි ජන බලවේගය පැවැත්වූ උද්ඝෝෂන වලට යන විට කොවිඩ් රෝගය බෝවන බව තමන් දැන සිටි බවද හෙළිදරව් කරයි.

නාමල් රාජපක්ෂ මහතාගේ මෙම හෙලිදරව්ව ඊයේ (23) බොහෝ රූපවාහිනී නාලිකා වල ප්‍රවෘත්ති ප්‍රකාශයේදී දැකගන්නට ලැබිණි.

සජිත් ප්‍රේමදාස මහතා අවසන් වරට උද්ඝෝෂණයකට සහභාගි වූයේ වරාය නගර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාද කළ දිනයකදී සමගි ජන බලවේගය සංවිධානය කළ ඊට විරුද්ධ උද්ඝෝෂණයකටය.

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ හෙළිදරව්වට අනුව සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් වැළඳී තිබෙන්නේ මේ අවස්ථාවේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?