මාලදිවයිනේ නිල සංචාරයකට ගිය ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක් (වීඩියෝ)

තෙදින නිල සංචාරය සඳහා මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින වෙත ළඟා වී තිබෙනවා.

මාලදිවයිනේ වේලානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ජනධිපතිවරයාව, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

මේ අතර ජනාධිපතිවරයාගේ නිල පිළිගැනීමේ උත්සවය අද (28) පස්වරුවේ මාලේ නගරයේ ජනරජ චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) පෙරවරු 7.30ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරණ ගුවන් යානයෙන් මාලදිවයින බලා දිවයිනෙන් පිටත්ව ගියා.

අද 28 සිට ලබන 30 වනදා දක්වා සිදුකෙරෙන රාජ්‍ය සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – මාලදිවයින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට ද නියමිතව තිබෙනවා.

එමෙන්ම, මෙම රාජ්‍ය සංචාරය අතරතුර, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසද හමුව ඇමතීමට සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14