මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් බස් රථයක රියදුරුවරයෙක්ට පහර දුන් සිද්ධියට අදාළව සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 21, 26 සහ 27 යන වයස්වල පසුවන්නන් වන අතර සැකකාරිය වයස අවුරුදු 38ක තැනැත්තියක්.
සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය ඊයේ (26) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරිය ඇප මත මුදාහැර තිබෙනවා.
සැකකරුවන් තිදෙනා හෙට (28) දිනය දකවා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
පසුගිය 25 වනදා හන්තාන ප්‍රදේශයේ දී මෙම පාසල් පමුන් පිරිසක් විනෝද චාරිකාවක් රැගෙන ආ බස් රථයක රියදුරුවරයෙක්ට මෙම පහරදීම සිදුකර තිබුණා.














මෙවැනි නීතිය අතට ගන්නන් සදහා අන් අයට ආදර්ශයක් ලෙස ගෙන නැවත මෙවැනි දෑ කාගෙන්වත් නොවන ලෙස දඩුවම් දියයුතුමයි.☝
Munwa masa 06 barapathala wada athuwa hire daanba onane.sakkili
Well done 😂😂😂
දහසක් අමාරැකම් මැද එදිනෙදා කටයුතුවල යෙදෙන පාසැල් දරැවන්නිදහසේ සතුටින් විනෝද චාරිකාවක් යනවිට නීති රීති නොතකන චන්ඩ්න්ගේ ග්රහනයට අසුවීම භීතියට ලක්වීම කණගාටුදායකයි. මේම දාමරිකයන්ට අමතක නොවනපාඩමක් නීතිය පැත්තෙන් ඉගැන්විය යූතුය.
ලංකාවේ පාසල් ළමයින්ව පාසලෙන් විනෝද චාරිකා රැගෙන යන්නෙ නැහැ අධ්‍යාපන චාරිකා පමනයි ගෙනයන්න පුළුවන්.ඒක අසත්‍යයක්.
දරුවන්ට කරන ලද මානසික හිංසනයට මොවුන්ට දඩුවම්
කල යුතුයි