‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025’ මුහුදු අදියර ඇරඹේ (ඡායාරූප)

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025’ සමාරම්භය 2025 ජුලි මස 22 වන දින ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේ දී සිදුකෙරුණා.

එම අභ්‍යාසයේ මුහුදු අධියර ඊයේ (23) දින නැගෙනහිර නාවික වීධාන මුහුදු තීරයේදී නාවික හමුදාවේ නෞකා බල ඇණිය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝනය, මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් ආරම්භ වුණා.

ඒ අනුව, ඊයේ (23) දින නෞකා හැසිරවීම ඇතුළු විවිධ නාවික අභ්‍යාස (MISCEX), මුහුද මතුපිට ඉලක්කයන් වෙත වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාස (SUFTX), නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීමේ අභ්‍යාසය (SCREENEX), අවි හැසිරවීමේ අභ්‍යාස (GUNNEX) සහ මුහුදේදී ගුවනින් භාණ්ඩ හුවමාරුව (VERTREP) පිළිබඳ අභ්‍යාස සාර්ථකව සිදුකළ බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

මේ අතර අද (24) දිනයේ සෙවීම් හා මුදාගැනීමේ අභ්‍යාස (SAREX), තුවාලකරුවන් ප්‍රථමාධාර සඳහා ඉවත් කිරීමේ අභ්‍යාස (CASEVAC) සහ නැංගුරම් ලෑමේ අභ්‍යාස සිදුකරනු ලබනවා.

එමෙන්ම මෙම ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය යටතේ සිදුකෙරෙණ විවිධ නාවික අභ්‍යාස සඳහා නාවික හමුදා නෞකා බළඇණියට අනුයුක්ත කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයන් හටද දායක වීමට අවස්ථාව උදාවී ඇති අතර, ඔවුන්ගේ මෙහෙයුම් අත්දැකීම් වර්ධනය සඳහා එමඟින් විශාල දායකත්වයක් ගෙන දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33