ලබන වසරේ සැප්තැම්බරයේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහන අද (24) ප්‍රකාශයට පත් කළා.

මෙම තරග සංචාරයට විස්සයි විස්ස තරග 03ක් සහ එක්දින තරග 03ක් ඇතුළත්.

තරගාවලිය ආරම්භ කරමින් විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන අතර, එහි පළමු තරගය 2026 වසරේ සැප්තැම්බර් 15 වනදා සවුත්හැම්ප්ටන් හිදී පැවැත්වීමට නියමිතයි.

දෙවන සහ තුන්වන විස්සයි විස්ස තරග සැප්තැම්බර් 17 සහ 19 දිනවල කාඩිෆ් හා මැන්චෙස්ටර්හි දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වන අතර, පළමු එක්දින තරගය සැප්තැම්බර් 22 වනදා ඩර්හැම් හිදී පැවැත්වෙනවා.

දෙවන සහ තුන්වන එක්දින තරග ලීඩ්ස් හා ලන්ඩන් හිදී පැවැත්වෙන්නේ සැප්තැම්බර් 24 සහ 27 වනදායි.

WhatsApp Image 2025 07 24 at 4.14.55 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?