බංග්ලාදේශ ගුවන් අනතුරින් 19ක් ජීවිතක්ෂයට – සිසුන් 16ක් ඒ අතර (වීඩියෝ)

බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත කඩා වැටී මෙන්සිදු වූ අනතුරින් සිසුන් 16 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම අනතුරින් ගුවන් නියමුවෙක් ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරට ලක් වූ ගුවන් යානය චීන J-7 ප්‍රහාරක ගුවන් යානයේ උසස් අනුවාදයක් වන F-7BGI යානාවක් බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශ ගුවන් හමුදාව සතුව F-7BGI ප්‍රහාරක ගුවන් යානා 16ක් තිබුණු අතර ඉන් එකක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ
සාමාන්‍ය පුහුණු ගුවන් ගමනක යෙදී සිටියදීයි.

අද දහවල් සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබුවන් පිළිබඳව තවමත් නිශ්චිත වාර්තාවක් නිකුත් වී නැහැ.

https://twitter.com/ShadhinMuslim/status/1947215209984393487
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?